FAST NEWS

24×7 Around the Globe

ස්ටීවන් ස්මිත්ට අද තරග පරාජයේ වේදනාව වැඩි ඇයි?

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත්වීමෙන් පසුව ඔහු ලැබූ පළමු ටෙස්ට් පරාජය අද (30දා) ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ පිටියේදී ලැබීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බ්‍රිස්බේන්හිදී නවසීලන්ත කණ්ඩායම හා ආරම්භ වූ ටෙස්ට් තරගාවලියේදි නිල වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත් ස්මිත් අද පැවැති තරගය දක්වා ටෙස්ට් තරග 9ට ක්‍රීඩා කර තිබුණි. ඊට ප්‍රථම පැවැත එක් තරගයක්වත් ස්මිත් පරාජයට පත්ව නොවුණි.