FAST NEWS

24×7 Around the Globe

මහනුවරින් පා ගමන් යාමට අයිතියක්‌ නැතැයි සතරවරම් දෙවියෝත් දකින්නට ඇති-ඇමැති කිරිඇල්ල

මහනුවර පුණ්‍ය භූමිය අපවිත්‍ර කිරීමට ඉඩ නොදී පාගමන් ආරම්භ කිරීම වැළැක්‌වීම පිළිබඳව අධිකරණයට ස්‌තුතිවන්න වන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මහනුවර දංගොල්ල ප්‍රදේශයේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමින් ඒ මහතා එසේ කියා සිටියේය.

මෙම පා ගමන් සංවිධානය කර තිබූ අය පසුගිය පාලන සමයේ මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම් පවා නොතකමින් කාර් රේස්‌ තරග පවත්වමින්, දළදා භූමිය අපවිත්‍ර කළ බවද කිරිඇල්ල මහතා පැවසීය.

එවැනි පුද්ගලයන්ට මහනුවරින් පා ගමන් යාමට අයිතියක්‌ නැතැයි සතරවරම් දෙවියෝත් දකින්නට ඇති බවත් එබැවින් ඔවුනට එරෙහිව ලද අධිකරණ තීන්දුව අගය කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.