FAST NEWS

24×7 Around the Globe

කුසල් මෙන්ඩිස් පිටුපස කවුරුත් නොදත් සංවේදී කතාවක්.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගැනීමත් සමඟ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් පිළිබඳව බොහෝ දෙනා කතාබහ වෙනවා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අඩුම වයසකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ශතකයද මෙය වනවා.

ශ්‍රීලංකා ක්‍රිකට් නිළ පිටුවේ කුසල් මෙන්ඩිස් පිළිබඳ සටහනක් පළ කර තිබුණා.

එහි දැක්වුනේ කුසල් මෙන්ඩිස්ගේ අතිතයි..

“වයස 21දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා.
මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට,බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා.ඒ වෙනුවෙන් කැපවුණා. මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්.
අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි.
ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපියිමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.
තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි.
එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.
ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසුපස මම ආවා.
එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා”