FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයේ ‘පාද යාත්‍රා’වැඩසටහනට ජනපතිගෙන් විශේෂ නියෝගයක්.

මහනුවර සිට කොළඹ බලා එන ඒකාබද්ධ විපක්‍ෂයේ ‘පාද යාත්‍රා’ වැඩසටහන තුලදී ගැටුම් ඇතිවීමට කිසිඳු හෝ ඉඩක් නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝගකර තිබේ.

ඒ, එජාප පාක්ෂිකයින් පිරිසක් විසින් පෙළපාලිකරුවන්ට පහරදීමේ සුදානමක් පවතින බවට වාර්තා වී ඇතැයි ශ්‍රීලනිපයේ ඇමතිවරු පිරිසක් ඊයේ (27) රාත්‍රී ජනාධිපතිවරයා හමුවී කල කරුණු දැක්වීමකින් අනතුරුවය.

ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්ව හමුවේ එවැනි ගැටුම් කාරී තත්ත්වයක් ඔවුන් ද දැඩිව අපේක්ෂා කරන බව පැහැදිලි කර ඇති එම ඇමතිවරුන් කිහිපදෙනා, එවැනි පහරදීමක් සිදුවුවහොත් එය යහපාලන ආණ්ඩුවේ පැවැත්මට පමණක් නොව, ජනාධිපතිවරයාගේ ප්‍රතිරුපයටද අහිතකර බව පවසා තිබේ.