FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ද විපක්‍ෂ රැලියට කොළඹ ක‍්‍රිඩාපිටි නැ?

කොළඹ මහ නගර සභා සීමාව තුල පිහිටි සියළුම ක‍්‍රිඩා පිටි ජූලි 25 වන දින සිට අගෝස්තු 06 වන දින දක්වා විවිධ පුද්ගලයින් විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග පවසයි. ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන ක‍්‍රිඩා පිටි 10ක පමණ ප‍්‍රමාණයද මේ අතර වෙයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අගෝස්තු පළමු වෙනිදා වෙන් කරන ලද කොළඹ හයිඞ් පිටියේ හදිසි ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කර ඇති අතර එහි පලමුවැනිදාට රැස්වීමක් කල හැකි තත්වයක් නොපවතී.