FAST NEWS

24×7 Around the Globe

ලක්‍ෂාන් සඳකැන් 1935 දී තබා තිබු වාර්තාවක් බිද තමයි.

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ රංගන හේරත් සහ ලක්‍ෂාන් සඳකැන් හමුවේ සිතූ තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට නොහැකි වූ ඔස්‌ට්‍රේලියාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු ඉනිම ඊයේ (27 දා) තේපානයට පෙර ලකුණු 203 කට සීමා විය.

අයහපත් කාලගුණය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 06 ක්‌ ලබා සිටියේය.

ඔස්‌ට්‍රේලියානු ඉනිම බිඳ දැමීමේදී පෙරමුණ ගත් රංගන හේරත් සහ ලක්‍ෂාන් සඳකැන් දෙදෙනා කඩුලු හතර බැගින් දවා ගැනීමට සමත් වූහ. මංගල තරගයකදී වමතින් පන්දු යවන්නකු දැක්‌වූ ලොව හොඳම දක්‍ෂතාව ලෙසද සඳකැන්ගේ කඩුලු හතර වාර්තා විය. ඊට පෙර 1935 දී ඔස්‌ට්‍රේලියාවේ වමතින් පන්දු යවන්නකු වූ ලෙස්‌ලි ෆ්ලෙට්‌වුඩ් ස්‌මිත් විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 64 කට දවාගත් කඩුලු හතර පැරණි වාර්තා විය.

මිචෙල් මාර්ෂ්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු දඩයම ඇරඹු සඳකැන් ඔස්‌ටේ්‍රලියාවේ අවසන් කඩුලු හතරම බිඳ දැමීය.

[youtube url=”https://www.youtube.com/watch?v=UTr9EYHA-ZM” width=”560″ height=”315″]