FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු පාලනය අලුත් ක්‍රමයක් සොයා ගනී.

ශ්‍රී ලංකාවේ කෘමීන් තුළ ඇති බැක්ටීරියාවක් මගින් ඩෙංගු මදුරුවන් වඳභාවයට පත්කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂිත වේදය පිළිබඳ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව පරීක්ෂණාගාර තුළදී මුල්වාදිය නැමැති බැක්ටීරියාව ඩෙංගු මදුරුවාගේ පිරිමි සතුන්ට ඇතුළු කිරීමෙන් ඒ සතුන් වඳභාවයට පත්කර ව්‍යාප්තිය පාලනය කළ හැකි බව විමලධර්ම මහතා පෙන්වා දෙයි.

වඳභාවය පත් කළ ඩෙංගු පිරිමි මදුරුවා ගෑණු මදුරුවන් හා එක්වීමෙන් ඩෙංගු කීටයින්ගේ ගහණය අඩුවන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කෙළේය.