FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ ප්‍රධානත්වයෙන් අද රැ මහුනුවරදී විශේෂ සාකච්ඡාවක්.

ආණ්ඩුවට එරෙහි ‘ජන සටන’ පාද යාත්‍රාවේ අවසන් සංවිධාන කටයුතු හා එහි ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27දා) රාත්‍රි මහනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 51 දෙනකු, ආණ්ඩු විරෝධී පා ගමනට එක්වන විවිධ සංවිධානවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වන බව වාර්තා වේ.

මීට අමතරව ‘ජන සටන’ පාද යාත්‍රාව සඳහා ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබාගැනීම වෙනුවෙන් පවත්වනු ලබන ආගමික වතාවත් අද සවස 5ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකිරීමට නියමිතය.

ඊට සමගාමීව අන්‍ය ආගම්වල ආශීර්වාද ලබාගැනීම මහනුවර නගරයේ පිහිටි අදාළ ආගමික ස්ථානවලදී සිදුකෙරෙන අතර මෙම සියලු ආගමික ආශීර්වාද ලබාගැනීමේ අවස්ථාවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි වන බවද වාර්තා වේ.
ආණ්ඩුවට එරෙහි ‘ජන සටන’ පාද යාත්‍රාව හෙට (28දා) උදෑසන 9ට මහනුවරින් ආරම්භ වේ.