FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ‘රිගේනින් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියක්ලු.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘතියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (26) සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මෙම ව්‍යාපෘතිය ඇතුළත් වූ බවයි.

නමුත් එයට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය තමාගේ වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) සඳහන් කළේය.

එමෙන්ම මොරගහකන්ද ව්‍යාපාරයේ කළුගඟ ප‍්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම වෙනුවෙන් පෙරේදා පැවැති ජාතික මහෝත්සවයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ, වසර ගණනාවක් තිස්සේ තමන් දුටු සිහිනයක් සැබෑ වූ බවත්, ඉකුත් ආණ්ඩුව සමයේ එය සැබෑවක් කර ගැනීමට දිගින් දිගටම තමන්ට බාධා ඇතිවූ බවත්ය.