FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ගැන හිටපු ජනපති අදහස් දක්වයි.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට අමාත්‍යවරයෙකු ලෙස මෛත්‍රී බොහෝ උනන්දුවුණු බවත් එය පැහැදිලිව කිව හැකි බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) බත්තරමුල්ල නෙළුම් මාවත ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් පසු එම පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මහින්ද චින්තනයේ පැවති තමාගේ වැඩපිළිවෙළක් බවත් එයට යුද්ධය පැවති වකවානුවේ යුද්ධයට විශාල මුදලක් වැයකරද්දී පවා පළමුවෙන් මුදල් වෙන්කරනු ලැබුවේ අයවැයෙන් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉන්පසු චීන රජයේ ආධාර මත වැඩකටයුතු ආරම්භ කළ බවත්, බැම්ම බැඳීමේ කටයුතු ආදිය සිදුකර පැවති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.