දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් මහතාට එම පළාත් සභාව තුල බහුතරතය අහිමි වී මහ ඇමති ධුරය අභියෝගයට ලක් වන තත්වයක් ඇතිව තිබේ.
ඇමති ධුරයෙන් ඉවත් කරන ලද ඞීවී උපුල් මහතාට සහයෝගය පල කරමින් පැවති කළු පටි විරෝධතාවයට හා මාධ්‍ය හමුවක් එම පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන් 33 දෙනාගෙන් 21 දෙනෙකු සහභාගී වූ අතර ඉතිරි පිරිසෙන්ද සමහරුන් සභාවට ඊයේ පැමිණ නොසිටි අතර සමහරරුන් කිසිවෙකුට හෝ සහාය දීමෙන් වැලකී සිටියහ.
සන්ධාන මන්ත‍්‍රීවරු 21 දෙනෙකු සමගින් හිටපු අමාත්‍ය ඞී.වී උපුල් මහතා මාධ්‍ය හමුවක් පවත්වද්දී මහ ඇමතිවරයාට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවූයේ එජාප මන්ත‍්‍රීවරැන් ඇතුළු සුළු පිරිසක් සමගයි.
මේ තත්වය මත ඉදිරියේදී පළාත් සභාව පවත්වාගෙන යාම හා මහ ඇමතිවරයාගේ තනතුර ආරක්‍ෂා වීම දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති අතර මේ වන විට පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීන් 33ක් එජාප මන්ත‍්‍රීන් 14ක් ජවිපෙ 05ක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ 03ක් නියෝජනය කරයි. ඒ අනුව මහ ඇමතිවරයාට තම තනතුර ඉදිරියේදී රැකගැනීම සදහා එජාප මන්ත‍්‍රි සහාය අත්‍යවශ්‍ය වන අතර සන්ධානයේ බහුතරය දැනටමත් මහ ඇමතිවරයාට අහිමිය.
තවද එජාප පාර්ශවය විසින් දකුණු පළාත් සභාවේ සන්ධාන මහා ඇමති ධුරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමාටද අමාත්‍ය ධුර දෙකක් අවශ්‍ය බවට යෝජනාවක් අගමැති හරහා ජනපති තුමන් වෙත ඉදිරිපත් කිරමට යන බවයි එජාප ආරංචි මාර්ග සනාථ කරන්නේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.