පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ පුරවැසිභාවය පිළිබඳ පවතින ගැටලූ සහගත තත්වය මත ඇයට සිය මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බව වාර්තා වනවාඇය දිගු කලකට පෙර විවාහය සමග ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා ඇති අතර ද්විත්ව පුරවැසියෙකු ලෙස ජීවත්ව ඇත.
ඉන්පසු ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව ඇයගේ මන්ත්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජේගසීගවැලිඅමුණ මහතා ඊයේ අභියාචනාධිකරණය හමුවේ කියා තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.
එහිදී හෙළිවූ පරිදි ගීතා මහමැතිවරණයෙන් පසුව පසුගිය අගෝස්තු 25 වන දින සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් මේ දක්වා එම ස්විස් බලධාරීන් ඇය එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් ලබාදී නැති බවද කියැවිණි.
ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙකු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකිවීම හා මැතිවරණයකට නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දින පවත්වන්නට නියමිතය
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.