FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන්ගේ මහාධිකරණ නඩුවේ නඩුවේ තීන්දුව ලබා දේ.

වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති මුව විශේෂයකට අයත් සතුන් ට වෙඩිතැබීමේ චෝදනා වලට ලක්ව සිටි බොලිවුඩ් පුරයේ දැවැන්ත තරුවක් වන සල්මාන් ඛාන්, ඉන්දීය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

වසර 1998 දී රාජස්තාන් ප්‍රාන්තයේදී සිදුකළ දඩයම් යාමකදී මෙම සතුන් මැරූ බවට ඛාන් ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා කරමින් එම ප්‍රදේශයේ බිෂ්නොයි ජනයා විසින් නඩුමගට බැස තිබුණි.

මේ හේතුවෙන් පහළ උසාවියක් විසින් සල්මාන් ඛාන්ට වසරක හා වසර 5ක් සිරදඞුවම් දෙකක් නියම කර තිබුණු අතර, ඛාන් විසින් මෙම අධිකරණ නියෝගය අභියෝගයකට ලක් කර තිබුණි.

මෙම නඩුව විභාගයට ගනිමින් ඉන්දීය මහාධිකරණ විනිසුරු නිර්මල්ජිත් කෝර් පවසා තිබුනේ මෙම මුවන් ට වැදී තිබී සොයාගත් වෙඩි උණ්ඩ ඛාන් ගේ තුවක්කුවෙන් නිකුත් වූ වෙඩි උණ්ඩ නොවන බවයි.