පසුගිය වසර කීපය තුළ ඇමරිකාවද ඩොලර් බිලියන 0.2 ක අවි ආයුධ ශ්‍රී ලංකාවට සපයා ඇත.
මේ බව ස්‌විඩනයේ ස්‌ටොක්‌හෝම් නුවර අන්තර් ජාතික සාම පර්යේෂණායතනය හෙළිකර තිබේ.
ඇමරිකාව මෙරටට අවි ආයුධ සැපයූ බව මෙතෙක් හෙළිවී නොතිබුණි.
චීනය ඩොලර් බිලියන 0.7 කද, ඊශ්‍රායලය ඩොලර් බිලියන 0.5 ක්‌ද, යුක්‌රේනය ඩොලර් බිලියන 0.2 ක්‌ද, රුසියාව ඩොලර් බිලියන 0.2 ක්‌ද අවි ආයුධ මෙරටට සපයා ඇත.
නමුත් ආසියානු රටවල් අතරින් අඩුවෙන්ම අවි ආයුධ ලබාගෙන ඇත්තේද ශ්‍රී ලංකාවයි.








