FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයට බාධා.

 

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර තරග 03 කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක් අද (17) ආරම්භ වනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදියි.

කෙසේවෙතත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.

මීට හේතුව වශයෙන් ගාල්ල අප වාර්තාකරු සඳහන් කර සිටින්නේ ඊයේ රාත්‍රීය පුරා කඩින් කඩ ගාල්ල නගරයට කඩින් කඩ වාර්ෂාව පතිත විම බවයි.

අද උදෑසන සිටම ගාල්ල අවට ප්‍රදේශ වලටද වර්ෂාව පතිත වන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.