FAST NEWS

24×7 Around the Globe

දෙපිළේම ජ්‍යෙෂ්ඨයන් වැඩි දක්‍ෂතා දක්වයි – මාවන්.

 

ගාල්ලේදී හෙට ආරම්භ වන ශී‍්‍ර ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී දෙපිළේම ජ්‍යෙෂ්ඨයන් වැඩි දක්‍ෂතා දක්වනු ඇතැයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා.

ශී‍්‍ර ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහ ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ගේ දක්‍ෂතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයට වැදගත් වනු ඇතැයි මාවන් අතපත්තු පෙන්වා දෙන්නේ. පාකිස්තානු නායක මිෂ්බා උල්හක් සහ හිටපු නායකයෙකු වන යුනිස් ඛාන්ගෙන් වැඩි දක්‍ෂතා අපේක්‍ෂා කළ හැකි බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.