FAST NEWS

24×7 Around the Globe

යසීර් ෂා වාර්තා පොත් අලුත් කරයි.

පළමු ටෙස්ට් තරග 13 තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ලෙස පාකිස්තාන දඟ පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුරදීය.

යසීර් ෂා එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 72කට කඩුලු 6ක් බිඳ හෙළීය.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 13කට කී‍්‍රඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 82කි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පළමු ටෙස්ට් තරග දහතුනේදී කඩුලු 81ක් දවා ගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ චාර්ලි ටර්නර්ය.

වසර අසූ තුනකට පසු පා දඟ පන්දු යවන්නෙකු ලෝර්ඞ්ස් පිටියේ කඩුලු 6 ක් දවාගත් පළමු අවස්ථාව ලෙසද මෙය වා්රතා පොත් අතරට එක් විය.