FAST NEWS

24×7 Around the Globe

දැරියට රහසඟ පෙන්නු තරුණයාට වැඩ වරදී.

කුලියාපිටිය බස් නැවතුමේ ගාල් කර තිබු බසයකට නැඟ අවුරුදු 14ක් වයසැති දැරියකට රහසඟ පෙන්වූ පුද්ගලයෙකු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ යන්තම්පලාව උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ උදය කුමාර නමැත්තෙකි.

සිද්ධියට මුහුණ දුන් දැරිය සිය මව සමඟ ප්‍රතිකාර සඳහා කුලියාපිටියට පැමිණ ඇත.

පසුව බෝවත්ත බසයක නැගී සිටියදී අදාල සැකකාර පුද්ගලයා බසයට නැඟ ඇති අතර දැරිය අසලින් වාඩිවී ඔහුගේ රහස් ප්‍රදේශය දැරියට පෙන්වීමට සූදානම්ව ඇත.

එම පිළිකුල් සහගත ක්‍රියාව ඉවසාගත නොහැකිව ඉදිරි අසුනේ සිටි මවට කළ දැනුම්දීම මත ප්‍රකෝපයට පත් මව හා බස් මගීන් සැකකරුට පහරදී පොලිසීයට භාරදී තිබේ