FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ මෑණියන්ගෙන්ද ප්‍රශ්න කළ යුතුයි- ගාමිණී වියන්ගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මෑණියන්ගෙන්ද ප්‍රශ්න කළ යුතු බවත් ඇයව නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් දැක්වු පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මහා පරිමාණ අපරාධ හා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසූවේ ඇතැම් අධිකරණ තීන්දු දෙස බලන විට විවිධ ප්‍රශ්න, ගැටලු, සැකසංකා මතුවන බවත් ගජ මිතුරන් ආරක්ෂා කරන තැනට යා යුතු නැති බවත්ය.