එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශතකයක් වාර්තා කරමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වසර 82කට පසුව වයස්ගතම ක්‍රීඩකයෙක් වාර්තා කළ ශතකයට හිමිකමී කීමට පාකිස්තානන නායක මිස්බා උල් හක් ඊයේ (14) සමත්විය.
ඔහු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 42 දින 47කි.
පළමු දිනය නිමා කරන විට නායක මිස්බා උල් හක් නොදැවී ලකුණු 110ක් රැස්කරගෙන සිටි අතර එය ටෙස්ට් පිටියේ වාර්තා වූ හය වැනි වයස්ගතම ටෙස්ට් ශතකය වෙයි.
එසේම 1934 පසුව වයස්ගතම ක්‍රීඩකයෙකු වාර්තා කළ ටෙස්ට් ශතකය ලෙසින්ද මිස්බාගේ ශතකය වාර්තා අතරට එක්වෙයි.
මිස්බා උල් හක් එංගලන්තයේ ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙයද වෙයි.
එසේම එය ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන හෙයින් ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කළ සිය පළමු ටෙස්ට් තරගයේදීම ශතයක් වාර්තා කිරීමට මිස්බා සමත්වීම කැපීපෙනේ.
[youtube url=”https://www.youtube.com/watch?v=W7tqOhxHnoY” width=”560″ height=”315″]







