FAST NEWS

24×7 Around the Globe

ගංගානම් නදියේ ශුද්ධ ජලය තැපැලෙන් ගෙදරටම.

ඉන්දියානුවන්ගේ මහත් ගෞරවයට සහ වන්දනාවට පාත‍්‍ර වන ගංගානම් නදියේ ජලය තැපැල් මගින් නිවසටම එවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ, ඉන්දියාවේ ජාතික තැපැල් සේවයේ සංකල්පයකට අනුවයි. ඒ අනුව ඕනෑම අයෙකුට ගංගානම් නදියේ ශුද්ධ ජලය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමටද හැකියාව පවතිනවා.

මිලිලීටර 200 ක ජල බෝතලයක් අළෙවි කිරීමට සූදානම් වන්නේ ඉන්දීය රුපියල් 15 ත් 25 ත් අතර මිලකටයි. උපතේ සිට මරණය දක්වාම ගංගානම් නදිය සමග ඉන්දියානුවන්ගේ ඇත්තේ දැඩි බැඳීමක්. ගංගානම් නදියේ දියනෑමෙන් පව් සෝදා ගත හැකි බවයි ඔවුන්ගේ විශ්වාසය වන්නේ.