FAST NEWS

24×7 Around the Globe

ජපන් අධිරාජ්‍යයා වන අකිහිතෝ සිය බලය අතහැරීමට සූදානම්.

ජපන් අධිරාජ්‍යයා වන අකිහිතෝ සිය බලය අතහැරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා පවසයි.

එළැඹෙන වසර කිහිපය ඇතුළත තමා ඉවත්වන බවත් ඔහු කියා ඇත.

82 වැනි වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසර කිහිපයේ දී අසනීප තත්ත්වයෙන් පසුවිය.

ඔටුන්න හිමි නරුහිටෝ කුමරු (56) මීළඟ අධිරාජ්‍යයා ලෙස පත්වීමට නියමිතය. ජපන් අධිරාජ්‍යයාට ඉල්ලා අස්විය හැකි පරිදි ජපාන අධිරාජ්‍ය නිවසේ නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද එරට මාධ්‍ය වාර්තා කියයි.