FAST NEWS

24×7 Around the Globe

කැරිබියන් වලින් තිසර පෙරේරා එංගලන්තයට.

එංගලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගියේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි සිටයි.

ඔහු මේ දිනවලදී බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී පැවැත්වෙන කැරිබියන් 20 – 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියා. මේ අතරතුරයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කැඳවුම් ලඳ තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගියේ.

තිසර පෙරේරාගේ දක්ෂතා යලි ඉස්මතු කරගැනීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.