FAST NEWS

24×7 Around the Globe

සම්මු අශාන්ගේ තුන් ඉරියව් දක්‌ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජයක් ගෙනෙයි.

සම්මු අශාන්ගේ තුන් ඉරියව් දක්‌ෂතා හේතුවෙන් වයස අවු. 19 න් පහළ දකුණු අප්‍රිකා කණ්‌ඩායම සමග පැවැති තෙවැනි එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ කණ්‌ඩායමට කඩුලු 6 ක ජයක්‌ හිමිවිය.

ඒ අනුව තරග තුනකින් සමන්විත අදාළ තරගාවලියේ තරග 2-1 ක්‌ වශයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජය හිමිවිය.

එහිදී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ද. අප්‍රිකා ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 195 ක්‌ රැස්‌කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දුවාර 45.5 ක්‌ අවසානයේ කඩුලු 4 ක්‌ දැවී ලකුණු 199 ක්‌ රැස්‌කර ගැණින.

එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්‌කම් දැක්‌වූ සම්මු අශාන් නොදැවී ලකුණු 70 ක්‌ හා පන්දු යවමින් ලකුණු 38 ක්‌ තුළ කඩලු 3 ක්‌ බිඳ හෙළුවේය.

ලකුණු සටහන

ද. අප්‍රිකා කණ්‌ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක්‌ දැවී ලකුණු 195 යි. (වැන්ඩිල් මක්‌වෙටූ 26, රේනාඩ් වොන් ටොන්ඩර් 37, වියාන් මල්ඩර් 59, දමිත සිල්වා 4/48, සම්මු අශාන් 3/38)

ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දුවාර 45.5 ක්‌ අවසානයේ කඩුලු 4 ක්‌ දැවී ලකුණු 199 යි. (ශම්මුගනාදන් ශනුගීත් 41, අවිශ්ක ප්‍රනාන්දු 16, සම්මු අශාන් (නොදැවී) 70, අශේන් බණ්‌ඩාර (නොදැවී) 37, වියාන් මල්ඩර් 2/32)