FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී තවත් රාජපක්ෂවරයෙකු අත්අඩංගුවට?

ඉදිරි දින කිහිපයේදී තවත් රාජපක්‍ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ නාමල් රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

එහිදී අදහස් පල කල රෝහිත රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඉදිරි දිනවලදී ගෝඨාභය බාප්පාද වැලිකඩ එනු ඇති බවත් තම පවුලේ සියල්ලන් දැන් වැලිකඩ පැමිණි නිසා එය තමන්ගේ දෙවැනි නිවස වැනි බවත්ය.