FAST NEWS

24×7 Around the Globe

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පෞද්ගලිකව ප්‍රසාදයක් නැ-හර්ෂණ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් තමා පෞද්ගලිකව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබද ප්‍රසාදයක් නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

නමුත් අධිකරණය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම ගැන සතුටක් ඇති බවත් “පුහුල් හොරා කරෙන් දැනේ“ කියන්නා මෙන් පිරිසක් අද මම ගනියි හෙට මෙයා ගනියි කියමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසී ය