FAST NEWS

24×7 Around the Globe

මහේලගේ පිතිහරඹය දැක සමර්සෙට් වලින් ලැබුණු දේ?

එංගලනත්යේ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන නැට්වෙස්ට් විස්සයි20 තරගාවලිය සඳහා සමර්සෙට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වූ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එහි පළමුපෙළ එක්දින තරගාවලිය සඳහාද කණ්ඩායම නියෝජනය කිරිමට ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ අනුව එම තරගාවලියේදී සමර්සෙට් කණ්ඩායම ක්‍රීඩා කරන තරග සඳහා මහේල පිත්තෙන් දායකත්වය ලබාදීමට නියමිතය. එක්දින තරගාවලියේ අවසන් අදියර සඳහා සමර්සෙට් කණ්ඩායම රැගෙන යාමට තමා හැකි උපරිමයෙන් දායකත්වය ලබාදෙන බව මහේල සිය නව ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් පවසයි.