තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රෙලියා ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවහොත් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම් හි එක් පියවක් ඉදිරයට පැමීණිමට අවස්ථාව උදා වේ.
මෙ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරිම් ලකුණු 85ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගා වලිය 1-0 ලෙස ජය ගතහොත් ශ්‍රේණිගතකිරීම්හි ලකුණු 92 ක් ලබමීන් මෙ වන විට හයවන ස්ථානයේ පසුවන දකණු අප්‍රිකානුවන් අභිබවා යෑමට අවස්ථාව ලැබේ.
එසේම ටෙස්ට් තරග දෙකක් ජයගතහොත් ශ්‍රේණිගත ලකුණු 94 ක්ද, තරග තුනම ජය ගතහොත් ශ්‍රේණිගත ලකුණු 96 ක් ලබා ගැනීමට හකියාව පවතී.
යම් හෙයකින් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ලංකාවේ ස්ථානයේ වෙනසක් සිදු නොවුණද ශ්‍රේණිගත ලකුණු 89 ක් දක්වා වැඩි කරගැනීමට හැකියාවක් පවතී.
තවද තරගාවලිය ඕස්ට්‍රෙලියාව පරාජය වුවහොත් මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ස්ථානය ඔවුන්ට අහිමී විමට ඉඩ ඇති අතර ,එය සිදු වන්නේ එංගලන්තය හා පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තීරණය අනුවය.
එ අනවු ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග තුනම ඔස්ටෙලියාව පරාජයට පත් වී එංගලන්තය පාකිස්ථානය සමග තරගාවලියේදී සියලුම තරග ජය ගතහොත් ඔවුන් ශ්‍රේණගත ලකුණු 114 ක් ලබා ශ්‍රේණිගතකිරිම් හි පෙරමුණ ගැනිමට හැකියාව ලැබෙන නමුත්, ඉන්දීයාව හා කොදෙව් කණ්ඩායම අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 4-0 ක් ලෙස ඉන්දියාව ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ද ශ්‍රේණිගත ලකුණු 114ක් ලබා දෙවැනි තැනට පත්වීමට නියමීත.
මෙවර සංචාරයේදී ශ්‍රී ලංකා ඔස්ට්‍රෙලියා පළමු ටෙස්ට් තරගය ජුලි 26 වැනිදාත් ,දෙවැනි තරගය අගොස්තු 04 වැනිදාත් ,තෙවැනි තරගය අගසේතු 13 වැනිදාත් අරඹිමට නියමීතව තිබේ.








