FAST NEWS

24×7 Around the Globe

දෙළුම් වයස්ගතවීම අඩු කරනවලු?

දෙළුම් වලට වයස්ගතවීම පාලනය කිරීමේ අපූරු හැකියාවක් ඇති බව ස්විට්සර්ලන්ත පර්යේෂකයන් හෙළිකරනවා.

වයස්ගතවීමේදී සිරුරේ සෛල නවීකරණය වීමේ ක්‍රියාවලිය අඩපණ වනවා.

සෛල නවීකරණයවීමේ ක්‍රියාවලිය යළි පණගන්වන්න දෙළුම් ඇටවල රසායනික සංයුතියට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව පණුවන් සහ මීයන් යොදා කළ පරීක්‍ෂණ වලින්, පණුවන්ගේ ආයු කාලය සියයට පනහකිනුත්, මීයන්ගේ ආයු කාලය සියයට හතළිහකිනුත් ඉහළගිය බව දක්නට ලැබුණා.

මිනිසුන් යොදාගෙන දෙළුම් වල වයස්ගතවීම වැඩිකිරීමේ ගුණය සොයාබැලෙන පරීක්‍ෂණ ඉදිරි කාලයේදී සිදුකෙරෙනු ඇති.

දෙළුම් කවදත් වෛද්‍ය වරුන් විසින් ගුණ ආහාරයක් ලෙස නම් කරන පළතුරු වර්ගයක්.