FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන ක්‍රීඩක මොහොමඞ් අමීර්ට එරෙහිව කෙවින් පීටර්සන් නැගි සිටියි.

තරඟ පාවාදීමේ චෝදනාවට වරදකරු වූ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අමීර්ට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට අවස්ථාවක් ලබා නොදිය යුතු බව එංගලන්ත හිටපු ක්‍රීකට් නායක කෙවින් පීටර්සන් පවසා ඇත.

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව කෙවින් පීටර්සන් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

2010 වසරේදී තරඟ පාවාදීමේ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් වූ පාකිස්තාන ක්‍රීඩක මොහොමඞ් අමීර්ට තරඟ කිරීමේ අවස්ථාව යළි ලබාදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා තීරණය කළේය.