FAST NEWS

24×7 Around the Globe

කේරළ තරුණයින් පහළොවක් අයි.එස්. සංවිධානයට.

ටික දිනක සිට අතුරුදන්ව සිටින කේරළ තරුණයින් පහළොවක් අයි.එස්. සංවිධානයට එක්වූ බවට සැකයක් මතුව ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ

කසර්ගොඩ් හා පලක්කාඩ් යන දිස්ත්‍රික්කවලින් මෙම තරුණයින් අතුරුදන්ව ඇති බව පැවසේ.

මේ අය මැදපෙරදිගට ගොස් අයි.එස්. සංවිධානයට එකතු වූ බවට ආරක්ෂක අංශ සැක පළ කරන අතර මේ සම්බන්ධයෙන් ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මැදපෙරදිගදී මේ අයට අන්තවාදී ලෙස ආගම උගන්වා අයි.එස්. සංවිධානයට එක්කරගන්නට ඇති බවට සැක පළ කෙරේ.

අතුරුදන්වූ තරුණයින් දෙදෙනකුගෙන් පසුගිය රාමසාන් දිනයේදී තම දෙමව්පියන් වෙත ජංගම දුරකථන කෙටි පණිවුඩ ලැබි ඇති අතර ඒවායේ සඳහන්ව ඇත්තේ තමා යළි නොඑන බවය.

තමා අයි.එස්. සංවිධානයට එක්ව මුස්ලිම්වරුන් වෙනුවෙන් සටන් කරන බවද එහි සඳහන්ව ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් මෙම පිරිසගේ පවුල්වල උදවියද ‍පොලීසියට පැමිණිලි කොට ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.