FAST NEWS

24×7 Around the Globe

ඩොලර් බිලියන 1.5ක ස්වෛරීත්ව බැදුම්කර සඳහා ඉහළ ඉල්ලුමක්.

මහ බැංකුව මගින් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කළ ඩොලර් බිලියන 1.5ක ස්වෛරීත්ව බැදුම්කර නිකුතුව සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එම බැදුම්කර සඳමා ඩොලර් බිලියන 6.6ක් වටිනා අයදුම් ලැබී ඇති බව හෙතම වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව ඒ සඳහා සාපේක්ෂව අඩු පොලී අනුපාතිකයක් පිරිනැමීමට හැකි වනු ඇති වන අතරඑම අයදුම්වලින් ඩොලර් බිලියන 1.5ක බැදුම්කර නිකුත් කිරීමට මහබැංකුව පියවර ගැනෙනු ඇත.

ඉන් ඩොලර් මිලියන 500ක බැදුම්කර වසර පහමාරකින් කල් පිරෙන අතර ඩොලර් බිලියනයක බැදුම්කර කල් පිරීමට නියමිතව ඇත්තේ වසර 10කිනි.