FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා තරගවලට අදාළ කොන්ත්‍රාත්තුවක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් සෙල්ලමක !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟවල ප්‍රවේශපත්‍ර මුද්‍රණය, බෙදා හැරීම හා හඳුනාගැනීමේ කාඩ්පත් (accreditation card) සකස් කිරීමත් බෙදාහැරීමත් ඉන්දියානු සමාගමකට ලබාදී ඇති බව වාර්තා වේ.

මෙසේ මිලියන ගණනක් වියදම් කරමින් අදාළ කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමකට ලබාදී ඇත්තේ මින් පෙර සංචාරවලදී අදාළ කටයුතු කිරීමට වැටුප් ගෙවා නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බඳවාගෙන සිටියදී බවද පැවසේ.

කෙසේවුවද, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය මේවන විට කට මුලට පැමිණ ඇතත් එම කොන්ත්‍රාත්තුව ලබාදුන් සමාගම ප්‍රවේශපත්‍ර මුද්‍රණය, බෙදා හැරීම හා හඳුනාගැනීමේ කාඩ්පත් (accreditation card) සකස් කිරීමත් බෙදාහැරීමත් මෙතෙක් සිදුකර නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.