FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ ගුවන් ගමන් වියදම කවුදෝ කෙනෙක් හිටි ගමන් ගෙවලා.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රට අභ්‍යන්තරයේ සිදු කළ ගුවන්ගමන් සඳහා ගුවන් හමුදාවට ගෙවීම් සිදු කිරීම පැහැර හැර තිබුණ රුපියල් තිස්හතර ලක්ෂ හයසිය හැටපහක මුදල සිරිපාල අමරසිංහ නමැති මහත්මයකු වසර 2015 ජුලි 10දා මුදලින් ගුවන් හමුදාවට ගෙවා තිබෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අනාවරණය වුණි.

ඒ සා විශාල මුදලක් එක්වර ගෙවූ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය මුදල් ගෙවූ රිසිට්පත සියල්ලම තිබෙන බවත් කොමිසම හමුවේ හෙළිදරව් විය.

රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන සිදු කරගෙන යද්දි මෙම මුදල් ගෙවීම සිදු වී තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතඥ ජනක බණ්ඩාර මතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මෙම තොරතුරු අනාවරණය කරමින් පැවසුවේ ප්‍රධනා පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක හේරත් මහතා සිදු කරන ලද පුළුල් විමර්ශනයකදී ලිඛිත සාක්ෂි සමඟ සියලුම කරුණු සොයා ගෙන තිබෙන බවයි.