FAST NEWS

24×7 Around the Globe

දැන් වැට් ඇත්තටම අඩුයිද?මෙන්න ඇත්තම කතාව.

වැට් සම්බන්ධ පනත එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරාය මෙසේ පවසා සිටියේ වැට් වැඩිවීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ඊයේ (11දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී, වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද උසාවියෙ වැට් සම්බන්ධයෙන් අර්ථ කථනයක් දීල තියෙනවා, පාර්ලිමේන්තුවෙ මේක සම්මත වෙනකල්, මේක අත්හිටුවන්න කියලා. නැත්නම්, ඊට පෙර මේකට තීන්දුවක් දෙනකල් කියලා. නමුත්, තීන්දුවක් දෙන්න විදියක් නැහැ, මොකද දෙසැම්බර් 06 වැනිදා තමයි, මීළඟ විභාගය තියෙන්නෙ.

අපි මේ 20 වැනිදා පාර්ලිමේන්තුවේදී වැට් සම්බන්ධ පනත සම්මත කර ගන්නවා.
එතනදී, මේ වැට් සම්බන්ධ පනත සම්මත වනතුරු දින 11ක කාල පරාසයට වැඩිකළ වැට් අයකර ගැනීමක් කළ හැකිද, නැද්ද යන්න සාකච්ඡාවට බඳුන් වුණා. එතනදි, අපේ නීතීඥයන් කියා සිටියේ මේ කාල පරාසයේ වැඩිකළ වැට් එකතු කිරීමක් කළ නොහැකි බවයි.
ඒ වෙනුවට, මේ කාලය තුළ කලින් පැවති අගයන්ගේ වැට් අරගෙන, 20 වැනිදා පනත සම්මත වීමෙන් පසුව සාමාන්‍ය සුපුරුදු පරිදි ඒ සම්මත කරන වැට් අගය එකතු කරන්න පුළුවන්. ඒ වගේම, මේකට වැට් බද්ද වගේම, ජාතිය ගොඩනැගීමේ බද්දත් අයිතියි.යනුවෙන් පවසා සිටියේය.