FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂ ගැන මහින්දගෙන් අමුතුම කතාවක්.

අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් අධිකරණයට හෝ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා තම පුතෙකු වුවත් ඔහු දේශපාලනඥයෙකු වන බවයි.

ඉකුත් සමයේ තවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු බවද අධිකරණවලට ඉදිරිපත් කෙරුණු බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ඔවුන් කිසිවෙකු වෙනුවෙන් හෝ තමන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ අධිකරණ වෙත නොගිය බවයි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ නිසා තමන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ අධිකරණය වෙත යා යුතු නොවන බව ඔහු පැවසුවා.