FAST NEWS

24×7 Around the Globe

සම්මුඛ පරීක්ෂණ ලබන නොවැම්බර් මාසයේ අවසන්.ඉක්මන් මැතිවරණයට ඉගියක්.

එළඹෙන පාළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

දිස්ත්‍රීක්ක මට්ටමින් අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර ප්‍රථමයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කටයුතු ලබන 14 වන දින දක්වා සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ජුලි මස 19 සහ 21 යන දෙදෙන තුළ මහනුවර දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා දහ දහසකට වැඩි පිරිසක් අයදුම්පති ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට ද සැලසුම් කර ඇත.