FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි තියුණු සටනක.

තරග තුනකින් යුත් සංචාරක දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීකට් කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ දෙවන තරගය මෙ වන විට කොළඹ NCC පිටියේ පැවැත්වේ.

කාසියේ වාසිය දිනා ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවාර 49.2 කදී  සියලු දෙනා දැවි ලකුණු 209ක් රැස් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ෂ ප්‍රනාන්දු පන්දු 115 කදී  අගනා ලකුණු 97 ක් රැස් කර ගැනිමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන  දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම පන්දුවාර 10ක් අවසන කඩුලු 02ක් දැවී ලකුණු 27 ක් ලබා සිටියි.

මෙම තරගාවලියේ ප්‍රථම තරගය ජය ගැනීමට සමත් වු අතර මීළග තරගය ලබන 13 වනදා පැවැත්වීමට නියමීතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට නම් අද පැවැත්වෙන හා පැවැත්වීමට නියමීත තරගය යන ද්විත්වයම ජය ගැනීම අත්‍යවශය කරුණකි.

ලකුණු පුවරුව.

eeeeeeeeeeeeeeeeeeeeeeeeee wwwwwwwwwwwwwwwwwwwwww