FAST NEWS

24×7 Around the Globe

ඡායා ඇමති මණ්ඩලය අහෝසියි.

ඡායා ඇමති මණ්ඩලයෙන් අගමැතිවරයා ඉල්ලා අස් වූ නිසා දැන් මුළු කැබිනට් මණ්ඩලයම අහෝසි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද වෙන්නප්පුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නම් කරනු ලැබුයේ අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා පමණක් බවත් ඊට ඡායා කැබිනෙට්ටුව ලෙස නම් කර ඇත්තේ වැරදීමකින් බවත් ඔහු කියා සිටියේය.

අගමැතිවරයා ඉවත් වූ නිසා දැන් ඇත්තේ අධීක්‍ෂණ තනතුරු පමණක් යයිද කී හිටපු ජනාධිපතිවරයා තමන් ඇතුලූ පිරිස පිහිටුවන නව ආණ්ඩුවක ඇමතිවරු පනස් ගණන් පත් කරන්නේ නැතැයිද සඳහන් කලේය.