FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇති ගැටලුව මෙන්න.

ටෙන්ස් ස්පොර්ට්ස් නාලිකාවට ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයට අනුග්‍රාහකයින් සොයා ගැනීමේ අපහසුතාවයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙසේ අපහසුතාවයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලින් 6, 7 හා 8 යන ස්ථාන දක්වා පහල වැටී සිටීම නිසාය.

මේවන විට ශ්‍රී ලංකා පිල එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේත්, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 7 වැනි ස්ථානයේත්, පන්දුවාර විස්සයි – 20 ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේත් පසුවේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා තගරාවලි සඳහා සම අනුග්‍රාහකත්වය දක්වන ලද ජංගම දුරකථන නිෂ්පාදක සමාගමද මේ තරගාවලියට අනුග්‍රහය ලබාදීම කරහරිමින් සිටින බව වාර්තා වේ.

ඉදිරි සතියේදී ඕස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ලබන ජූලි 26 වැනිදා ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත් වේ.

දෙවැනි ටෙස්ට් තරගය 04 වැනිදා ගල්ලේදීත්, තෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13 එස්.එස්.සී. හිදී ද ආරම්භවීමට නියමිතය.

එක්දින තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භවන්නේ අගෝස්තු 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියෙනි.

පන්දුවාර විස්සයි – 20 පළමු තරගය සැප්තැම්බර් 06 පල්ලෙකැලේදීත්, දෙවැනි තරගය සැප්තැම්බර් 09 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේත් පැවැත් වේ.