FAST NEWS

24×7 Around the Globe

නාමල්ට විදේශ කටයුතු දැරිමට තරම් අත්දැකිමක් නැතිලු.

ඡායා කැබිනෙට්ටුව පිහුටුවීමට මුලික වී අත්තේ හිටපු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බව පැවසෙන අතර මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් වීමක් සිදුවී නොමැති බව පැවසේ.

හිටපු ජනපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ වීමසිමකට අනුවයි.

ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයා ලෙස හා බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්කරීම සම්බන්ධයෙන් තම දැඩි කෝපය පළකළ ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා හිටපු අගමැතිවරයකු වන දිමු ජයරත්නගේ තත්ත්වයට පත්කර ඇති බවයිි.

එසේම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් තම හිතවතුන් කිහිප ‍දෙනෙකුට පවසා ඇත්තේ නාමල් විදේශ කටයුතු වැනි විෂයක් දැරිමට තරම් අත්දැකිමක් ඇති පුද්ගලයකු නොවන බවයි.