FAST NEWS

24×7 Around the Globe

ජර්මනිය පරාජය කරමීන් ප්‍රංශය යුරෝ කුසලානයට සමීප වෙයි.

ජර්මන් කණ්ඩායම ගෝල 2 – 0ක් ලෙස පරාජයට පත්කරමින් යුරෝපා කුසලාන පාපන්දු තරඟ මාලාවේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ප‍්‍රංශය සමත් විය.

වසර 58කට පසු ප‍්‍රධාන තරඟාවලියක ප‍්‍රංශය විසින් ජර්මනිය පරාජයට පත්කිරිම විශේෂත්වයක් වේ.

ප‍්‍රංශය තරඟාවලිය ආරම්භයේදි එතරම් ඉහල දක්ෂතා ප‍්‍රදර්ශනය කළේ නොමැත අතර ඊයේ (07) පැවති අවසන් පුර්ව තරඟයේදි ප‍්‍රංශ කණ්ඩායමේ ඇන්ටෝනියෝ ගේ‍්‍රස්මන් රැස්කරගත් ගෝල 2 ප‍්‍රංශයට මෙම ඓතිහාසික ජයග‍්‍රාහණය හිමිකර දීමට සමත් විය.

ඔහු මෙවර තරගාවලියේ වැඩිම ගෝල රැස්කර ගත් ක‍්‍රීඩකයාද වේ.

ඒ අනුව යුරෝපා කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය ප‍්‍රංශය සහ පෘතුගාලය අතර ජුලි 10 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.