මහ බැංකුවට අධිපතිවරයකු පත් කර ගැනීමට ඇතිව තිබූ ගැටලුවට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහතමියද මැදිහත්ව ඇතැයි වාර්තා වේ.
මහ බැංකු අධිපතිධූරයට අයෙකු පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මතගැටුමක් පැවැති අතර එය විසඳා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනපතිනියගේ නිවසට ගොස් තිබේ.
එහිදී ජනපතිවරයා විසින් අදාළ ගැටුම ගැන හිටපු ජනපතිනියට පැවසීමෙන් පසුව මේ ගැටුම නිසා කිසිම අයුරකින් ආණ්ඩුව බිඳවැටීමට ඉඩ නොදෙන ලෙසට මෛත්‍රීපාල මහතාට උපදෙස් දී ඇත.
එසේම, වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බවත් පෙන්වාදුන් හිටපු ජනපතිනිය මේ ගැටුමෙන් රාජපක්ෂවරුන්ට වාසි ගැනීමට ඉඩ නොතබන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
පසුව තමා අගමැතිවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොරොන්දුවී ඇති අතර ඒ අනුව අගමැතිවරයාව පසුගිය සිකුරාදා සිය නිවසට කැඳවා ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී මේ ගැටුමෙන් ආණ්ඩුව බිඳවැටුණහොත් මේ එකතුව කිරීමට මුලපිරූ බොහෝ පිරිසකට අසාධාරණයක් වන බවද හිටපු ජනපතිවරිය පෙන්වාදී ඇත.
ඒ අනුව යෝජනාවී ඇති අය අතරින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට වික්‍රමසිංහ මහතාගේ මනාපය පලවී ඇති බවත් පැවසේ.
එහි ප්‍රතිථලයක් මත ජනපති හා අගමැති යන දෙදෙනා අදාළ ධූරය සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවට පැමිණ ඇති බවද වාර්තා වේ.
යහපාලන රජය ඇති කිරීමට මෛත්‍රී හා රනිල් අතර සහයෝගීතාව ගොඩ නැගීමට මුලපිරුවේද හිටපු ජනපතිවරිය වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.