එංගලන්ත සංචාරය පරාජයට පත්වීමෙන් අනතුරුව දිවයිනට පැමිණි නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළු නිලධාරීන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (07දා) සන්ධ්‍යාවේ මාධ්‍ය හමුවක් පැවැත් වුණා.
මේ මාධ්‍ය සාකච්චාවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාද එක්ව සිටි අතර, ඔහුගෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව ප්‍රශ්නකර සිටියේය.
Q මූලික සංචිතයක් තරගාවලියට නම් කළත්, පසුව ඔබ ඉන් පිටස්තර ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ඇතුළත් කළා?
මූලික සංචිතයක් තිබුණාට අපිට ස්ථිර සංචිතයක් තිබුණේ නැහැ. අපිට ඕන කෙනෙක් තෝරාගන්න පුළුවන් විදියට තමයි එය තිබුණේ. එහෙත් වේගපන්දු යවන්නන් තෝරාගැනීමේදී කණ්ඩායමක් විදිහට සාකච්ඡා කරලයි තේරීම් සිදුකළේ.
Q එතකොට ඔබ කොහොමද ‘ඒ’ සංචිතයේ සිටි රමිත්ව කණ්ඩායමට තෝරාගත්තේ?
කිත්රුවන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ පැවැත්වෙන නිසා ඔහුව කණ්ඩායමට තෝරා නොගන්නා ලෙස ප්‍රධාන විධායක නිලධාරීතුමා අපව දැනුවත් කළා. එතකොට අපි බැලුවා “ඒ” සංචිතයේ ඉන්න විස්සයි20 තරගවලදී මැද පෙළ හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයා කවුද කියලා. මෙහිදී අපට දඟ පන්දු යවලා වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු අවශ්‍ය වුණා. අපි කසුන් රාජිත පිළිබඳ සාකච්ඡා කළා. නමුත් අපට වේගපන්දු යවන්නන් සිටි නිසා දඟපන්දු යවන්නෙක් අවශ්‍ය වුණා. අපි එය රමිත්ගෙන් බලාපොරොත්තු වුණා. ඔහු මීට පෙරත් විස්සයි20 තරග ක්‍රීඩා කර තිබෙනවා.
Q ඔබ රමිත් වෙනුවෙන් ඉදිරිපත් කරන නිර්ණායක, ධනංජය සිල්වා වෙනුවෙන් වලංගු වුණේ නැත්තේ ඇයි?
ධනංජයට වඩා රමිත්ට විස්සයි20 තරගවලදී වේගයෙන් පන්දුවට පහරදිය හැකියි. ධනංජය අපි එංගලන්ත සංචාරයට එක් කලේ ටෙස්ට් හා එක්දින තරගවලටයි. අපිට ධනංජයට අවස්ථාවක් දෙන්න ලොකු වුවමනාවක් තිබුනා. සමහරවිට ඇන්ජෙලෝ ක්‍රීඩා නොකරාවි කියන අවස්ථාවලදී අපි ධනංජය ඒ සඳහා යොදවන්න බලාපොරොත්තුවෙන් සිටියේ.
Q ඔබ කියනවා රමිත් පමණයි ‘ඒ’ කණ්ඩායමේ සුදුසුම පුද්ගලයා කියලා. නමුත් ඒ කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන්ටත් පිට දඟපන්දු යැවිය හැකියි?
මට අවශ්‍ය වුණේ වේගවත් මැදපෙළ ක්‍රීඩකයෙකුයි. ඒ නිසයි රමිත්ව තෝරගත්තේ. රමිත් දේශීය තරගවලදීත් මනාව ඔප්පු කර පෙන්වා තිබෙනවා හතරේ සීමාවෙන් එළියට පහරවල් එල්ල කළ හැකියි කියලා. අනික ඔහු පිටදඟපන්දු යැවිය හැකි වගේම අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක්.
Q ඔබ තවමත් ඉන්නේ රමිත්ගේ තේරීම සාධාරණයි කියන මතයේද?
කිසිම ක්‍රීඩකයෙකුගේ දක්‍ෂ අදක්‍ෂ භාවය එක තරගයකින් මැනීමට අපහසුයි. ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. අපි හිතුවා අපිට ඉන්න හොඳම ක්‍රීඩකයා තිරිමාන්න කියලා. නමුත් ඔහු අපිට අවශ්‍ය විදිහට ක්‍රීඩා කළේ නැහැ.
Q උපුල් තරංග දිගටම අංක 06 පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනවාද?
තරංගට තිබෙන අත්දැකීම් සමග ඔහුගෙන් අපට අඛණ්ඩව මැදපෙළට ප්‍රයෝජනයක් ගත හැකියි. එනිසා ඉදිරියේදීත් ඔහු අංක 06 පිතිකරුවා ලෙස ක්‍රීඩා කරාවි.
Q එතකොට මිලින්ද සිරිවර්ධනට මොකද වෙන්නේ?
මිලින්ද අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළේ පාදයේ ආබාධයක් නිසයි. ලංකාවේ පැවැත්වෙන තරගවලදී අපි තුන් ඉරියව් දඟපන්දු ක්‍රීඩකයාගේ භූමිකාව මිලින්දගෙන් බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා අපි ඔහුව සහභාගි කරගන්නවා.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.