FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේට ක්‍රිකට් තහනමක්.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කිත්රුවන් විතානගේට වසරක ක්‍රිකට් තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඊයේ (07) ප්‍රකාශ කළේ රාත්‍රී සමාජ ශාලාවක දී ගැටුමක් ඇතිකරගත් බවට චෝදනා ලබූ ටෙස්ට් ක්‍රීඩක කිත්රුවන් විතානගේට වසරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බවයි.

ඔහුට පනවන ලද මෙම තහනමත් සමඟ පසුගිය ජූනි මස 26 වැනිදා සිට වසරක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කිසිදු තරඟයකට සහභාගි වීමට නොහැක.

දක්‍ෂ පිතිකරුවකු වන කිත්රුවන් ටෙස්ට් තරග 10 කදී සහ එක්දින තරග 6 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.