FAST NEWS

24×7 Around the Globe

යහපාලනය වෙනුවෙන් නැගිටපු ITN මහේෂ්ගේ වැඩ තහනම් කරයි.

2015 ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සකස් කළ මඩ පෝස්ටර් තොගය නීතිය අතට පත්කළ වරදට සේවය අහිමි කරගත් ස්වාධීන රුපවාහිනි සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායකට යහපාලන ආණ්ඩුව මගින්ද මේ වන විට වැඩ තහනම් කර ඇත.

මහේෂ් සේනානායක මාධ්‍යවේදියා සඳහන් කර සිටියේ එම නාලිකාවේ ප්‍රධානියෙකු දුරකතනයෙන් කතා කොට වැඩ තහනම් කළ බවත් එනිසා යලිත් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව දැනුම්දුන් බවය.

මෙසේ මහේෂ් සේනානායක මාධ්‍යවේදියාගේ වැඩ තහනම් කිරීමේ හේතුව ලෙස ලෙස බලධාරීන් දැනුම්දී තිබෙන්නේ පසුගිය සඳුදා උදෑසන වැඩසටහනේදී නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීමය.

නමුත් මහේෂ් මහතා සඳහන් කර සිටින්නේ තමා අතින් නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් වූ නමුත් පසුව තමන් එය නිවැරදි කළ බවය.