FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති රාජපක්‍ෂ ශ්‍රීලනිපයෙන් නෙරපයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හත් දෙනෙකුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කල යුතු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට යෝජනා කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දින අත්නගලේලේදී පැවති ශ‍්‍රීලනිප ජ්‍යෙෂඨයින්ගේ හමුවකදී තිරණය වී ඇත.

මෙම හමුව සඳහා හිටපු ජනාධිපතිනිය සමඟ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රෙජිනෝලිඩ් කුරේ, ආතාවුද සෙනෙවිරත්න ඇතුළු පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් සහභාගී වී තිබේ.

එහිදී තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ප‍්‍රසන්න රණතුංග යන පිරිසට එරෙහිව විනය පරීක්‍සණ කැඳවා ශ‍්‍රිලනිපයෙන් නෙරපා දැමිය යුතු බවයි.