FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා පැය හතක් පුරා රහස් සාකච්ඡා. විමුක්ති කුමාරතුංගගේ ආගමනයක්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අහුංගල්ලේ හෝටලයක ඊයේ (06) පැය හතක් පුරා රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට පමණ ඇරැඹි මෙම සාකච්ඡාවට සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දකුණු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා, නන්දිමිත්‍ර ඒකනායක, අතාවුද සෙනවිරත්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

මෙහි වැඩි විස්තර මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නොමැති නමුත් සිය පුතු විමුක්ති කුමාරතුංගගේ ආගමනය හා මහින්ද පාර්ශවයේ පිරිස් පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබද මෙහිදී කතා බහ වූ බවට මේ වන විට රාවයක් පැතිර යයි.