FAST NEWS

24×7 Around the Globe

පුතුගේ හිලව්වට කෙහෙළිය මෛත්‍රී පිළට?

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල හදිස්සියේම ඊයේ (05) එංගලන්තය සමඟ පැවැති පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟයට කැඳවනු ලැබුවේ දේශපාලන තීන්දුවක් නිසා යැයි මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.

ශ්‍රී ලංකා ඒ පිල සමඟ එංගලන්තයේ සංචාරයක නිරතව සිටින රමිත එම සංචාරයේ ඒ පිල සහභාගිවූ තරඟ දෙක සඳහාම ක්‍රීඩා නොකළේය.

තත්ත්වය එසේ තිබියදී රමිත හදිස්සියේ ශ්‍රී ලංකා පිලට කැඳවනු ලැබුවේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පල කිරීමේ ප්‍රතිථලයක් හැටියට යැයි ක්‍රිකට් කේෂත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.