FAST NEWS

24×7 Around the Globe

හොලිවුඩ් නිළි ස්කාලට් වැඩිම අදායම් උපයයි.

හොලිවුඩ් නිළි ස්කාලට් ජොහැන්සන් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම්ලාභී සිනමා තරු ලැයිස්තුවේ පළමු දස දෙනාට ඇතුළත් එකම කාන්තාව ලෙස වාර්තා අතරට එක් වනවා.

නළු නිළියන් රංගනයෙන් දායක වූ චිත්‍රපටවල ආදායම අනුව ‘Box Office Mojo’ වෙබ් අඩවිය විසින් ඔවුන් ශ්‍රේණිගත කොට තිබෙනවා.

හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් රංගනයෙන් දායක වූ චිත්‍රපට 41ක් ඩොලර් බිලියන 4.9 ක ආදායමක් ලබා ඇති අතර ඔහු ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වනවා.

ස්කාලට් ජොහැන්සන් රඟපෑ චිත්‍රපට 37ක් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 3.3 ක ආදායමක් ඉපයීමට සමත් වී තිබෙනවා. මෙම දස දෙනා අතර සිටින ළාබාලතම පුද්ගලයාද ඇය වනවා.

ලැයිස්තුව තුළ 19 වන ස්ථානයේ සිටින නිළි කැමොරන් ඩියස්ගේ චිත්‍රපට ලබා ඇති ආදායම ඩොලර් බිලියන 3 කි.